යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත්.@රෙමයක් කිසිවෙකුට නැත යොහන් 15:13
ආලේඛ්‍ය චිත්‍රය
චාර්ල්ස් සී කොන්වර්ස්
1834–1918

ජෝසෆ් ස්ක්‍රිවන්, 1855 (What a Friend We Have in Je­sus); ජේ. වෙස්ලි පෙරේරා.

චාර්ල්ස් සී කොන්වර්ස්, 1868 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ජෝසෆ් ස්ක්‍රිවන්
1819–1886

යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
සෝක බර දරන්ට!
කීම මෙන් සැපතක් ඇද්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැනි දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නොකී නිසයි සියල්ල
යාඤාවෙන් සමිඳුන්ට

බාදා පරික්සා තිබෙතත්
වෙතත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑමදුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට

දුක් හා කරදර ඇතත්
කාංසාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් අපට