උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්වාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දායයෙකුගේ ස්වරෑපය ගෙන, නුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.@පිලිප්පි 2:6,7

එමිලි ඊ එස් එලියට්, 1864 (Thou Didst Leave Thy Throne); සි. ඩබ්ලිව් ද සිල්වා.

ටිමති ආර් මැතිව්ස්, 1876 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ටිමති ආර් මැතිව්ස්
1826–1910

ඔබ තේජස් හා කිරුළත්හැර
මෙහි ආකල මා නිසා
නිවසේහි බෙත්ලෙහෙම් නුවර
නොලත්සේක ඉඩක් තොසා

යේසුස් මසිතට වඩින්
ඔබට හි ඉඩ ඇත්
යේසු මසිතට වඩින් දැන්
ඔබට එහි ඉඩ ඇත්

සුර දූතයින් සගයේ සිට
ඔබට පැසසුම්දුන්නත්
දිළිඳෙක්සේම ඔබ ලොවට
වැඩිසේක වෙමින් දුක් පත්

හිවලුන්ට හා සියොතුන් හට
වනයේ ඉඩ ඇත් වීය
ඒ නමුත් යේසු හිමි ඔබට
ඉඩමක් මෙහි නැත් විය

ඔබ ජීවනේ බස රැගෙන
ලෝසත් මුදනට ආ කල්හී
කටු ඔටුන්නක් හිස ලමින
මැරු වෝය කුරුසේහි

ඔබ තේජසින් ජය ගන්නට
ඵන කල් සුර සෙන් ගී යෙන්
කැඳවා මාද ඉඩමක්මට
ඔබ ලඟින්ම සලසන්

යේසුස් මසිතට වඩින්
ඔබ මා කැඳවන කල
යේසුස් මසිත වෙයි සතොස් දැන්
ඔබ මා කැඳවන කල