
සිසිල් ෆ්‍රැන්සිස් ඇලෙක්සැන්ඩර් මහත්මිය, 1848 (Once in Royal David’s City); ඒ. එස්. අමරසේකර.
හෙන්රි ගෝනට්ලෙට්, 1849 (🔊 pdf nwc).

දාවිත්ගේ පුරෙහි වරක්
වීය සුළු ගෝ හළක්
ඒ හළ තුළ වී මවක්
ඔරුවක බිළිඳෙක්
මරියාය ඒ මව් නම්
යේසුස් ක්‍රිස්තුස් බ්ළිඳුන්
ආ කල සගෙන් එතුමන්
සියල්ලේහි හිමිවන්
ගෝහළක් විය නිවහන්
ඔරුවක් විය යහන්
සමඟ දුගී දනන්
විසුයේ මිදුම් කරුන්
බිළිඳු කල එතුමා
කළේ නිති බුහුමන්
සලකමින් බැතින් පෙමා
දිළිඳුවූ මෑණියන්
ක්‍රිස්තියානි ළමයින්
වීය යුතුයි එලෙසින්
සුනිමල් දරු තුමන
අඬමින් සිනාසෙමින්
දුබල්කම් අත්දකිම්න
වැඩුනේ අප ලෙසින්
දැනුත් අප දුක් සැපත්
සලකයි ආදරෙන් සිත්
ඒ කුමරා උතුම් වන
සගේ අප හිමි වෙයි
දරුවන්ට පෙම් බෙලෙන
සග මග දක්වා දෙයි
අන්තිමේ දි එතුමන්
දක්නෙමු අපේ ඇසින්
සුළු ගාලක් තුළ නොවේ
ගවයින්ද අතරේ
දකින්නෙම හිමි සගේ
දකුණෙ පියාණන්ගේ
තරු මෙන් හිමි වට
දරුවෝ වෙත් එවිට