ලේ වෑගිරීමක් නැතව පව් කමා කිරීමකුත් නැත.@හෙබ්‍රෙව් 8:22

රොබර්ට් ලව්රි, 1876 (Nothing but the Blood); ජේ. වෙස්ලි පෙරේරා (🔊 pdf nwc).

portrait
රොබර්ට් ලව්රි
1826–1899

මා පව් සෝදාලන්ටැත්තේ
ලෙය පමණක්මයි යේසුස්
සුවකරන්ටත් ඈත්තේ
ලෙය පමණක්මයි යේසුස්

ඔව් අනගි ගඟ
පව් සෝදන ගඟ
ජීවනයේ ගඟ
ලෙයමය පින්වත් යේසුස්

පිරිසිඳුවීමටත්
ලෙය පමණක්මයි යේසුස්
කමාවට කරුණත්
ලෙය පමණක්මයි යේසුස්

සමාදානෙත් පැතුමත්
ලෙය පමණක්මයි යේසුස්
මාගේ දමිටුකමත්
ලෙය පමණක්මයි යේසුස්

පව් නසන පූජාව
ලෙය පමණක්මයි යේසුස්
මා කළ හොඳක්නොව
ලෙය පමණක්මයි යේසුස්