ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තූස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට දෙවියන්වහන්සේගේ මුළු පූර්ණ කමට පූර්ණ වන පිණිස සියලු ශුදධවන්තයන් සමග ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නෝහැකි ප්‍රේමය දැනගෙන එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරම්ගන්ට නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාකඤා කරමි.@එපීස 3:18-19
ආලේඛ්‍ය චිත්‍රය
ඇනා බී. වෝනර්
(1827–1915)

ඇනා බී. වෝනර්, 1860 (Jesus Loves Me); සී එච්. පිරිස්.

විලියම් බ්‍රැඩ්බරි, 1868 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් බ්‍රැඩ්බරි
(1816–1868)

යේසුස් මට ආදරෙයි
බයිබලේ එසේ පෙනෙයි
බාල මා දුබලමුත්
එතුම වෙයි බලවත්

ඔව් යේසුස් උතුම්
ආදරෙයි දනිම්
ඔව්, ඒ බව මම්
බයිබලයෙන් දනිම්

යේසුස් මට ආදරෙයි
මානිසා මළ සෙයින්
පවින් මා ගළවන්ට
හැකිය එතුමන්ට

යේසුස් මට ආදරෙයි
දැනුත් මට ආදරෙයි
රකින්ට මා නින්දෙදිත්
වඩියි ආසනෙන් දිමුත්

යේසුස් තුමට මෙමාත්
ආදරයෙන් විසුවොත්
මෙලොවින් ගිය විට
ගනියි මා දෙව්ලොවට