ඒකෙණෙහිම ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරම්න්: ඉතා උසස් තැන්හී දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේ ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.@ලූක් 2:13,14
ආලේඛ්‍ය චිත්‍රය
චාර්ල්ස් වෙස්ලි
1707–1788

චාර්ල්ස් වෙස්ලි, 1738 (Hark, the Herald Angels Sing); සී ඩබ්ලිව් ද සිල්වා.

ෆීලික්ස් මෙන්ඩල්සන්, 1840 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ෆීලික්ස් මෙන්ඩල්සන්
1809–1847

අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ

අසව් දුත ගී නද
රජුට උපන් අද

උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට

සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ