එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පුබුදුවමින් පේත්‍රස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැඟිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.@ක්‍රියා 12:7
ආලේඛ්‍ය චිත්‍රය
තොමස් කැම්බල්
(1777–1844)

චාර්ල්ස් වෙස්ලි, 1738 (And Can It Be That I Should Gain?); ජෙ. සයිමන් ද සිල්වා.

තොමස් කැම්බල්, 1825 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
චාර්ල්ස් වෙස්ලි
(1707–1788)

වෙන්ට හැකිද මේ දෙය
මිදුම්කරැ තුමන් ලෙයින්
මටත් ඇතිද සුවය
පෙළී සිටින පාපයෙන්
පුදුමෙකි දෙව් පුත් තූමා
දිව් පිදී ය මා නිසා

පියාණ්න්ගේ සිහසුන
හැරෑ වැඩියෙය මෙහි
පව්කරැවන් ඉතා හීන
මුදන්නට කුරැසේ හි
දිව් පිදුවේ අහෝ පෙමක්
ඇත්ද මෙ වන් පුදුමයක්

සිටියෙමි මම් බොහෝ කලක්
බැම්මෙහි පව් යදම් වල
දැල්විණි විස්ම එළියක්
දුක් පත් මගේ හද තුළ
බිඳී ගියේ බැමි සැම
නිදහස් වීමි විගසම

උදහස පහ විය
ඇත්තේ නිති ජීවිතය
යේසුස් තුළ ජිවත්වෙමි මම්
දමිටු වත් පළඳින්නෙම්
සිහසුන් වෙත හිමිගේ
උරුම යි කිරුළ සගේ