නුඹලාගේ සිත් නොකැලඹේවා; දෙව්යන්වහ්සේ කෙරේ විශ්වාස කරපල්ලා; මා කෙරේත් විශ්වාස කරපල්ලා.@යොහන් 14:1
ආලේඛ්‍ය චිත්‍රය
එඩ්ගාර් පී ස්ටයිට්ස්
(1836–1921)

එඩ්ගාර් පී ස්ටයිට්ස්, 1876 (Trust­ing Je­sus); ජෙ. සයිමන් ද සිල්වා.

අයිරා ඩී සැංකි (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
අයිරා ඩී සැංකි
(1840–1908)

ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ

අදහම් බැතින් මම
පෑ දින බැගින් සැම
මක්වෙතත් නොහැරම
යේසුමයි සියල්ලම

ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි

ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි

ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්

ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ