ඔවුන්ට කථාකොට: ස්වාමීවු දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවන්ට කියාපන්නැයි කීසේක@එසකියෙල් 3:11

කැතරීන් හැංකි, 1866 (Tell Me the Old, Old Story); ජෙ. සයිමන් ද සිල්වා.

විලියම් ඩෝන්, 1867 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් ඩෝන්
1832–1915

පෙර පුවත් පවසන්
උතුම් දෙව් ලෝ ගැන
තෙදින් යුතුවු නොමින්
යේසුස්ගේ පෙම් ගැන
ඒ පුවත් පවසන් දැන්
බිලිඳෙකුට මෙන්
අසරණ යුත් පවින්
මෙමට කුලුණෙන්

පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
යේසුසගේ පෙම් ගැන

පවසන් එය සෙමින්
දෙවිඳුන් ලෝ මහත්
මුදාලූ හැටි පවින්
දැනගන්ට මටත්
ඒ පුවත් පවසන් දැන්
නොයෙක් වර පෙමින්
මා සිත තුළ නිතින්
රඳන මෙන් සොඳින්

පෙර පුවත් පවසන්
මහත් සන්සුන් සිතින්
ගළවන්ට යේසුස් පත්
දුදනෙකි මේ මම්
නිත් ඒ පුවත් පවසන්
මෙමට දයාවෙන්
දුක් විපතේදී නොමින්
සැනසුම් වෙන මෙන්

පෙර පුවත් පවසන්
යම් බයක් වන විට
මෙලොව දේ පල නැත්
වෙහෙස දෙයි මට
ඔව් මා තුල් බය එවන්
පැමිණෙන විට
පෙර පුවත් පවසන්
යේසුස් සෙත් දෙයි මට