ස්වාමිනී, සියලු පරම්පරාවල ඔ අපේ වාසස්ථානය වූසේක.@ගීතාවලිය 90:1
ආලේඛ්‍ය චිත්‍රය
ෆිලිප් බ්ලිස්
1678–1727

අයිසැක් වොට්ස්, 1719 (Our God, Our Help in Ag­es Past); ජෙ. සයිමන් ද සිල්වා.

විලියම් ක්‍රොෆ්ට්, 1708 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
අයිසැක් වොට්ස්
1674–1748

අතීතයේදිද මතුන්
අපගේ එකම
පැතුමද උපකාරෙත්
ඔබයි හිමිතූම

ඔබ සිහසන් සෙවනේ
සැපතින් වසමු
ඔබස සුරතින් පමණේ
ඇතොත් සුරැකෙමු

කඳු හෙල් සාදන්ටත් පෙර
ඔබ දෙවිඳුය
ඊයෙත් අදත් සදාකල්හීත්
වෙනස් නොවන්නේය

දහස් වසක් ඔබ හට
දවසක් ලෙස වේ
පෙර හිරු පායන්නට
උදේ යාම මෙන් වේ

කාලය සැඩ පාරක් මෙන්
ගෙනයයි සත් සැම
රෑදුටු සීනේ විලසින්
වේ උන් තුරන් වීම

අතීතයේදීද මතුත්
අපේ පැතුම වෙත්
දෙවිඳුනි අග දක්වාත්
රකින් අප නිතින්