තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා සිටි ළදරුවාද දුටුවෝය@ලූක් 2:15,16

18 වෙනි ශත වර්ෂයේ ලතින් භාෂාවෙන් ලියන ලද්දේය (Ades­te Fi­del­es); සි. ඩබ්ලිව් ද සිල්වා.

ජෝන් ඇෆ් වේඩ් (🔊 pdf nwc).

සැදැත් සැම එව් දැන්
සොම්නසින ජයෙන් යුත්
බෙත්ලෙහෙමට විත් බලව් දැන්
දෙව් දූතුන් ගේ දෙව්
ඒ පුරේ උපන් බැව්

ඇවිත් හිමි වඳිව් දැන්
ඇවිත් හිමි වඳිව් දැන්
ඇවිත් හිමි වඳිව් දැන්
ක්‍රිස්තුස් දෙව්

දේවාති දේව
සව්කල් ආලෝක ව
මව් කුසය සුළුනොකොට
පියාණන් පුත් වූ
මැවුම් නොලද්දා වූ

දුත සෙන් ගී දෙව්
සන්තොසින් ගී දෙව් දැන්
ගී රැව් නඟව් සගයේ සේනා
ගී දෙව් තෙදැත්තන්
රජුට උසස් තැන්

යේසුස්ට සෙත් වේ
උපන් අද ලොවේ
ක්‍රිස්තුස්නි වේ ඔබට තේජස්
පියාණන් බස
ගත්තේ මිනිස් වෙස