මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.@2 කොරින්ති 5:7
ආලේඛ්‍ය චිත්‍රය
රේ පාමර්
1808–1887

රේ පාමර්, 1830 (My Faith Looks Up to Thee); ජෙ. සයිමන් ද සිල්වා.

ලොවෙල් මේසන්, 1830 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ලොවෙල් මේසන්
1792–1872

ඇදහිල්ලෙන් බලම්
බැටළු පොව් උතුම්
කල්වරියේ
මා අයදුම් අසන්
සෑම පවින් මුදන්
බාරයි මා දිවි හිම්
ඔබටම

මෙත් ගුණ පා පෙමින්
මා සුවපත් කරන්
පුබුදුවන්
දිව් දුන් නිසා ගසේ
මා සිත්හි සොඳසේ
වේවා පෙම් වෙසෙසේ
ගින්නක් ලෙසින්

ජීවිත ගමන
දුක් පීඩා මැදින
යන කල
අඳුර දුරලා
සෝ දුක් ඉවත ලා
යන්ට නොවී මුළා
පෙන්වන් මඟ

මේ ලෙව්හි ගමන
අන්තිමේ යෝර්දාන
පසුකර
යන්ට සැදෑ සිතින්
සිත් බය දුරලන්
යේසුස්නී ගෙනයන්
මා දෙව්පුර