මාගේ වචන පහ නොවන්නේය.@මතෙව් 24:35
ආලේඛ්‍ය චිත්‍රය
හෙන්රි ඩබ්ලිව්. බේක
1821–1877

හෙන්රි ඩබ්ලිව්. බේක, 1861 (Lord, Thy Word Abideth); ඒ. එස්. අමරසේකර.

ඩබ්ලිව්. එච්. මංක්, 1861 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ඩබ්ලිව්. එච්. මංක්
1823–1889

ඔබගේ වදන
පචතියි නිතින
අදහන්නෝ බැතින්
තොස ලබත් එයින්

රුපුන් ළංවූ විට
සවි දෙයි සිතට
සැනසුම් වදන
ගැළවුම් හසුන

ජීවිතේ කුනාටුත්
එන විට මේගත්
වදන ඔබගේ
රකියි දිව් අපගේ

ඔබගේ වදනින්
යටහත් සිත් ඇත්තන්
ලබන සතොස
කී හැක්ද කොයි ලෙස?

කුලුණු වදනින්
සැපවේ දිවිහිම්
මරණ පැයේ ඉන්
අත්වන්නේ සැනසුම්

ඒ ඔබේ වදන
සොඳසේ ඉගෙන
බැතින් හා පෙමින
ඉන්ට දුන මැන