එසේවී නමුත් නුඹලාට ඇති දෙය මා එන තුරු තදින් අල්වාගන සිටපල්ලා@එළිදරව් 2:25

ෆිලිප්ප පී බ්ලිස්, 1870 (Hold the Fort); සී ඩබ්ලිව් ද සිල්වා.

ෆිලිප්ප පී බ්ලිස් (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ෆිලිප්ප පී බ්ලිස්
1838–1876

හේවායිනි බලව් දජ
අහසේ දිලෙයි
තවන් සේනා එවයි රජ
ජයද ලංවෙයි

මම් එමි පසුනොබසිව්!
දැන් අණ ලැබේ
ජයගන්න බව කියව්
පිහිටෙන් ඔබේ

සේනා බලව් නික්ම එති
සාතන් මුල්ව එයි
බෝ බලැත් දන වැටෙති
බල අඩු වෙයි

බලව් දජ සවන් කරව්
හොණෑ නද
යේසු නමින් සිඳ දමව්
සතුරන් තද

වේය සටන් බයානක
ලඟමයි උදව්
සේනාපති එයි නිසැක
තොස්වව් සන්තොස්වව්!