ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට භිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක.@ගීතාවලිය 23:1-3
ආලේඛ්‍ය චිත්‍රය
ජේ. ඇච්. ගිල්මෝර්
1834–1918

ජේ. ඇච්. ගිල්මෝර්, 1862 (He Leadeth Me); ඇච් ද ඇස් වික්‍රමරත්න.

ෆිලිප්ප පී බ්ලිස්, 1864 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් බ්‍රැඩ්බරි
1816–1868

හිමි මට මඟ පෙන්වයි
තොස් යුත් සැනසුම් වදන!
මක්කරතත් කොහේ ගියත්
හිමි අතින් මඟ පෙන්වයි

මඟ පෙන්වයි මඟ පෙන්වයි
හිම අතින් මඟ පෙන්වයි
ඔබගේ ගැති වෙමි මම්
හිම අතින් මඟ පෙන්වයි

දුක් අඳුරු වන මැද
ඒදන්හි සුපුල් මල් මැද
නිසල් දියෙත් රළු මූදේත්
හිමි අතින් මා ගෙනයයි

හිමි අත අල්ලාගනිම්
නොකොඳුරම් බය නොවෙම්
තොසවෙම් මට ඇති දෙයින්
ඔබ ගෙනයන බැවින්

මා මෙහෙය නිම විමෙන්
ජය මට අත්පත්වීමෙන්
මරු දොළ පසුකරම්
හිමි අතින් මඟ පෙන්වයි