තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන් කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.@නික්මයාම 13:21
ආලේඛ්‍ය චිත්‍රය
ජෝන් හිවුස්
1873–1932

විලියම් විලියම්ස්, 1745 (Arglwydd, arwain trwy’r anialwch); ජෙ. සයිමන් ද සිල්වා.

ජෝන් හිවුස්, 1907 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් විලියම්ස්
1717–1791

මෙලෝ වන මැදින් යන

මෙලෝ වන මැදින් යන
වන්දනකාර වූ මා
ඔබ බලවත් අතින
රැකදී යෙහෙන් පෙමා
සග මන්නා සග මන්නා
දෙන් දැනුත් සැමකල්හිත්
දෙන් දැනුත් සැමකල්හිත්

සුවවීමේ සුද්ද දිය
ගලා එන උල්පතෙන්
පොවා මට දෙන් සවිය
මග පෙන්වා ගෙන යන්
වලාටැඹ වලාටැඹ
යේවා මා පෙරටුවෙන්
යේවා මා පෙරටුවෙන්

බැස්සාම මා යොර්දානට
දුරරින් හැම බය
දකිම්වා ඒ කානන් රට
නසා මරු බලය
ගී පැසසුම් ගී පැසසුම්
නගන්නෙම් සදාකල්ම
නගන්නෙම් සදාකල්ම