ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ.@හිතෝපදේශ 10:6
portrait
ජොන්සන් ඕට්මන්
1856–1922

ජොන්සන් ඕට්මන්, 1897 (Count Your Blessings); ඩී. ජී. ඊ. පියසේ.

එඩ්ව්න් ඕ එක්සෙල් (🔊 pdf nwc).

portrait
එඩ්ව්න් ඕ එක්සෙල්
1851–1921

ජීවිතේ රැළ ගසනා කලට
බාදා එන කල සිත කයට
ගැණපන් ලත් ආසිරි එකින් එක
පුදුමයක් වෙයි නුඹට නිසැක

ආසිරි එකෙක ගැණපන්
මේ තාක් හිමි කළ දේ සිතන්
ගණන් කරන් එකෙක බැගින්
පුදුමයක් වෙයි නුඹේ සිතට ඉන්

කරදරෙන් පොඩිවී ඉන්නෙහිද?
කුරුසේ බර වැඩි මෙන් දැනේද?
සිහිකරන් ලත් ආසිරි එක්එක
දුරුවී යයි අඳුරත් සැම සැක

දුටුවාම සම්පත් හා ගම්බිම් අනුන්
සිහිකරන් යේසු හිමි කී වදන්
මිලකළ නොහැක් සැප සෙත් නොමින්
පොරොන්දුවුණා නොවේද දෙන මෙන්?

පීඩා හා සටන් කොතෙක් ආවත් ඉතින්
බය නොවන් සවි සිතින්ම සිටින්
ඕනෑ උපකාර සැනසුම් දෙමින්
දෙවි තුම නුඹ රකියි නිතියෙන්