බයිබල් පදය: සැබෑවු සිතක් ඇතුව ඇදහීමේ නිසැක කමින් ලඟා වෙමු@හෙබ්‍රෙව් 10:22
ආලේඛ්‍ය චිත්‍රය
ෆීබි පී නැප්
1839–1908

ෆැනී ක්‍රොස්බි, 1873 (Blessed Assurance); සි. ඩබ්ලිව් ද සිල්වා.

ෆීබි පී නැප් (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ෆැනී ක්‍රොස්බි
1820–1915

යේසුස් මගේයයි සෙත් ලත් වදන්
කොයි ලෙස් වණම්ද සැනසුම් එයින්
පවින් මිදීම දෙව් තුම දී
ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී

මෙමගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙව් පුත්

යටත්කම වෙයි සොම්නස් මගේ
තේජස් පෙනෙයි දැන් ඇසට සගේ
දෙව් දූතයෝ වින් දයා පෙම
දන්වත් මෙම්ට දෙව් ලොවීන්ම

යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගෙ ඊම බලමින්ම
පෙම් සයුරේම ගිලෙම් මම